සමගියේ හයියට අනුරත් එකතු වෙයි

සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට සහාය ලබාදීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිප‍යක් සිය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය ගෙන එනු ලබන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට ද සහාය පළ කරනු ඇති.

රටේ පවතින අකාර්යක්ෂම වූ ආර්ථික පාලනයට එරෙහිව නිරන්තරයෙන් විපක්ෂය විසින් දේශපාලන වේදිකාවේ සිය අදහස් පළ කරන අතර, මේ වනවිට ආණ්ඩුවට විරෝධය පාමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ද දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන වී තිබෙනවා.

සමගි ජන බලවේගයගේ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සංවිධානයෙන් යුතුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මගපෙන්වීමෙන් යුතුව මෙම විශ්වාසභංග යෝජනාවට සහ දෝෂාභියෝගයට මන්ත්‍රීවරුන් අත්සන් තැබෙනු ඇති.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඉතා ඉක්මනින් මෙම යෝජනා සඳහා ලබාගැනීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
133
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?