සමගියේ හයියට අනුරත් එකතු වෙයි

සමගි ජන බලවේගය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට සහාය ලබාදීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිප‍යක් සිය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය ගෙන එනු ලබන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට ද සහාය පළ කරනු ඇති.

රටේ පවතින අකාර්යක්ෂම වූ ආර්ථික පාලනයට එරෙහිව නිරන්තරයෙන් විපක්ෂය විසින් දේශපාලන වේදිකාවේ සිය අදහස් පළ කරන අතර, මේ වනවිට ආණ්ඩුවට විරෝධය පාමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ද දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන වී තිබෙනවා.

සමගි ජන බලවේගයගේ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සංවිධානයෙන් යුතුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මගපෙන්වීමෙන් යුතුව මෙම විශ්වාසභංග යෝජනාවට සහ දෝෂාභියෝගයට මන්ත්‍රීවරුන් අත්සන් තැබෙනු ඇති.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ද ඉතා ඉක්මනින් මෙම යෝජනා සඳහා ලබාගැනීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04