භික්ෂුවගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිම අයිතියක් නෑ – සජිත්

සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන අප රටේ මේ වන විට සිදුවන දේ හිතාගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ බව කියා සිටියේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති මහා විහාර වාංශික ස්‍යාමෝලිපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨ අනුනායක ධුරන්දර සද්ධර්ම කීර්ති ශ්‍රි සුගතධම්ම විශාරද අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ මුණ ගැසුණු අවස්ථවේ දී යි.

බුද්ධ ශාසනයට ලබාදෙන මුල් තැන අද ක්‍රියාත්මක නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ යම් යම් නීතිරීති රෙගුලාසි ක්‍රමවේද වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නා.

බුද්ධාගම සේම සෙසු ආගම් ජාතීන්ටද හිමි නියමිත තැන ලබා දිය යුතු බවත් චීවරයට දොහොත් මුදුන් දී සැලකිය යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සති දෙකක් ගෙන කමිටු පිහිටුවිමාට වඩා පැය විසි හතරෙන් තොරතුරු සොයා ආගමික නායකයන්ගේ ඇදුම් පැළදුම් සහ අනෙකුත් දේවල්වලට බලපෑම් නොවන, චීවරයේ ගරුත්වයේ සුරකින රෙගුලාසිවල වෙනස්කමක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.