ඥානසාර හිමිගේ සිවුර ගැලවීම වීඩියෝ කළායැයි කියූ ගම්මන්පිලගේ කතාව ගැන විමර්ශනයක්

බන්ධනාගාර ගතකර සිටින ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම වීඩියෝ ගත කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (13) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ විසින් සිදුකළ එම ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් බවට පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ බන්ධාගාරය සහ පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවයි.