හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍ය ධුරය දැරූ සමයේ සතොස ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් සාකීර් ලබන ඔක්තෝබර් 21 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (13) නියෝග කළා.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු ඊයේ (12) අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, අද දිනයේදී සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
සමුපකාර ව්‍යාපාරයට වසර සියයක් පිරීම නිමිත්තෙන් 2011 වසරේ පැවති ‘ඉසුරු සවිය’ උත්සවය සඳහා සමුපකාර සංවර්ධන අරමුදලින් වෙන් කරන ලද මුදලින් රුපියල් ලක්ෂ දහනවයක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් මොහොමඩ් සාකීර්ට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබෙනවා.










