ශිරන්ති රාජපක්ෂ 16 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මේ මස 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදින කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කළා.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.