ගෙදරට එන නෑදෑයන්ට සංග්‍රහ කරන්නත් බැරිවෙන හැඩයි

උත්සව සමයේදී පාරිභෝගික ජනතාවගේ ඉල්ලුමට සරිලන මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන නමුත් ඒවායේ මිල වැඩිවී ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපති ජයන්ත කුරේ පැවසීය.

තෝරා, කොප්පරා සහ කෙලවල්ලෝ ඇතුළු මත්ස්‍ය වර්ග ගණනාවක මිල රුපියල් තුන්සියයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ඔහු කීවේය. ඊයේ (12 වැනිදා) තෝරා සහ කොප්පරා මසුන් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 1200ක් වූ අතර, එහි සිල්ලර මිල රුපියල් 1500ක් පමණ විය.

මේ අතර, කෙලවල්ලා කිලෝ ග්‍රෑමයක් ඊයේ අලෙවි වූයේ රුපියල් 1000කටය. මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මසුන් රැගෙන දෛනිකව ලොරි රථ දෙසීයක් පමණ පැමිණෙන බව කී සභාපතිවරයා පාරිභෝගිකයන්ගේ පැමිණීමේ ද කිසිදු අඩුවක් නැතැයි පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?