අනවසරයෙන් ඉන්ධන තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී අනවසරයෙන් රැස්කරගෙන සිටි ඉන්ධන ලීටර් 10,000ක් පමණ සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර අද (12) දිනයේ සිට කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවනු ලැබුවා.
මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ප්‍රදේශ රැසක විරෝධතා ද පැවැත් වුණා.
කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන්නේ දෛනිකව පරිභෝජනය කරන ඉන්ධන ප්‍රමාණය මෙන් දෙගුණයක් මේ වනවිට පිරවුම්හල් වෙත නිකුත්කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5













