AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ලංකාවට ආ නයිජීරීයානුවා පිටුවහල් කෙරේ

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු 04/10 දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා 31 හැවිරිදි අයෙක් වන අතර එරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ රැදී සිටින්නෙකු බවට තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා.

මොහු නයිජීරියාවේ සිට ලයිබීරියාවට පැමිණ එතැනින් මොරොක්කෝ රාජ්‍යයට පැමිණ තිබෙන අතර ඉන්පසුව කටාර් රාජ්‍යයට පැමිණ 04/10 දින සවස 04.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා

මොහු ගුවන් තොටුපළ වෙත පිවිස ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවෙහි සේවයේ නිරත නිලධාරීන් වෙත බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් මෙම ලියකියවිලි ගුවන් තොටුපළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ විමර්ශනය සදහා යොමු කර ඇත.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු වීමත් සමගම , තමන් ඉකුත් 2022 වසරේ සිට කීප අවස්ථාවකම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා අයදුම් කර සිටි බවත් , ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ පසුව තම පියා විසින් මෙම බහමාස් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දුන් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබෙනවා.

මෙසේ නයිජීරියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඒ.ටී.එම්.යන්ත්‍ර කඩා මුදල් ගැනීම , ව්‍යාජ දත්ත ඒවාට ඇතුළත් කර මුදල් සොරා ගැනීම ආදී මූල්‍ය වංචා සිදු කිරීම පිළිබඳව දිගින් දිගටම චෝදනාවලට ලක් වීම නිසා , ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවකාශය ලැබෙන්නේ දැඩි සොයා බැලීම් වලින් අනතුරුව අත්‍යාවශ්‍යම පුද්ගලයෙකුට පමණි .

තවදුරටත් මොහුගේ පසුබිම් තොරතුරු විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සහ එම ගුවන් සේවය වෙත මොහු භාර දී තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?