ආසියාවේ ලොකුම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් හෙට විවෘත වෙයි (වීඩියෝ)

කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.

අද (16) පෙරවරුවේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙම කර්මාන්තශාලාව මඟින් ඍජු රැකියා දහසක් සහ වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම කර්මාන්තශාලාව මඟින් වෙළඳපොළට නිකුත් කරන වාහන විදෙස් රටවලින් ගෙන් වූ වාහනවලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව ද ඔහු සඳහන් කර සිටියා.

  1. මේ කර්මාන්ත ශාලාව කන්තලේ සීනි කර්මාන්ත ශාලා වගේ වැහිලා යන්නෙ නැතුව දිගටම තියෙනවනම් හොඳයි. අපේ රටේ දේවල් පටන් ගන්නකොට විතරයි ලොකුවට පටන් ගන්නේ, හැබැයි ඒවා දිගටම කෙරීගෙන යන්නේ නැහැ. ඒ නිසා මේවා හරියට දිගටම නියමිත ආකාරයෙන්ම පවත්වාගෙන යනවා නම් හොඳයි.