වනඅලි ගැවසෙන ගම්මානවල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂාව

වනඅලි ගැවසෙන ගම්මාන වල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමන් කිරීමට වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා ඇති බව අප වාර්තාකරු පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනඅලි තර්ජන සහිත ගම්මාන සඳහා වනජීවී නිලධාරී කණ්ඩායම් 14ක් යොදවා ජනතාවගේ ආරක්ෂාව සපයා ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක සඳහන් කරන්නේ.

එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් තුන් ලක්ෂ පනස් එක්දහස් තුන්සිය දෙකක් (351,302) 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 292ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

විශේෂයෙන්ම හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, දිඹුලාගල, වැලිකන්ද, ඇලහැර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව පවතින ගම්මාන වලට මෙම වනජීවී නිලධාරී කණ්ඩායම් යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14