ඇෆ්ගනිස්ථානට ඉතිහාසගත එක්දින තරගාවලි ජයක්

ඉතිහාසයේ පළමුවරට දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඊයේ (20) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර ඊයේ (20) පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 177ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

සාජා හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් දැවී 311ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මනුල්ලා ගුර්බාස් සිය 07 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 105ක් රැස් කළා.

පන්දු 110ක් තුළ ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

ඊට අමතරව අස්මතුල්ලාහ් ඕමර්සායි ලකුණු 83ක් සහ රහමත් ෂා අර්ධ ශතකයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථාන ඉනිම ගොඩනැගීමට දායක වුණා.

අනතුරුව ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් පිටියට පිවිසි අතර ඔවුන්ට රිසි සේ ලකුණු රැස්කරන්නට රෂිඩ් ඛාන් සහ නන්ගෙයලියා කැරොටේ ඉඩ ලබාදුන්නේ නැහැ.

එහිදී ඊයේ දිනයේ සිය 26 වන දිවියට පා තැබූ රෂිඩ් ඛාන් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ අතර, නන්ගෙයලියා කැරොටේ කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ, අනුව පන්දුවාර 34යි පන්දු දෙකක් තුළ දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිම අවසන් කරන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නට හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන තරගවලියේ ජය වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20