කමිඳු වාර්තා පිට වාර්තා තබමින් සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි (ඡායාරූප)

නවසීලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට (18) ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී සිය පළමු ඉනිමට පහරදෙමින්.

කමිඳු අද දිනයේ දී ලෝක ටෙස්ට් වාර්තාවක් ද සම කිරීමට සමත් වුණා.

ඒ පාකිස්තානයේ මුල් පෙළ පිතිකරු සෞද් ශකීල් තබා තිබූ වාර්තාව සම කිරීමයි.

කමිඳු සිය ආරම්භක ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව සෑම ටෙස්ට් තරගයකදීම අර්ධ ශතකයක් ලබා ගැනීමේ වාර්තාව මෙලෙස සම කළා.

කමිඳු මෙන්ඩිස් අද දිනයේ දී වාර්තා කළේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය සිව්වැනි ටෙස්ට් ශතකයයි.

ඊට දැවැන්ත හතරේ පහර 11ක් ඇතුළත් වුණේ පන්දු 145කට මුහුණදෙමින්.

එමෙන්ම මෙරට ටෙස්ට් ක්‍රිකට් ශතකලාභීන් අතර අඩුම තරග සංඛ්‍යාවක දී සහ ඉනිම් ගණනක දී වැඩිම ශතක සංඛ්‍යාවක් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ද කමිඳු මෙන්ඩිස් පත් වුණා.

කමිඳු සිව්වැනි ශතකය ලබා ගැනීමට වැය කර ඇත්තේ ටෙස්ට් ඉනිම් 11ක් පමණයි.

එහි දෙවැනි තැන මේ වනවිට හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මයිකල් වැන්ඩ්‍රොට් හටයි.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 05ක් අතැතිව ලකුණු 261ක් ලබා සිටිනවා.

සයවැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ කමිඳු සමගින් කුසල් මෙන්ඩිස්.

කමිඳු සහ කුසල් අතර මේ වනවිට ගොඩනැගී ඇති ලකුණු අතර සබඳතාව ලකුණු 84ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14