අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයෙකු බවයි.

නීතිවිරෝධි මත්පැන් සම්බන්ධ නඩුවක් ඇති සැකකරුවෙකුට එම තොරතුරු ඇතුළත් කිරීමෙන් තොරව පොලිස් වාර්තාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම වෙනුවෙන් අදාළ පොලිස් සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලිස් සැරයන්වරයා විසින් අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර පොලිස් නිලධාරියා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39