කමිඳු ටෙස්ට් පිටියේ ලෝක වාර්තාවක් අබියස

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් ක්‍රිකට් ලෝක වාර්තාවක් අබියස සිටිනවා.

ඒ ඔහු මේ වනවිට (18) තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනක් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් අතර සම ස්ථානයක් හිමිකර ගැනීම හේතුවෙන්.

කමිඳු ටෙස්ට් තරග 07කට එක් ව ඇති අතර ඔහු සෑම තරගයක දී ම අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා.

ඒ අනුව ඔහු අද දිනයේ දීත් සුපුරුදු පරිදි නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී සිය ජාත්‍යන්තර 05 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු සම තැන ගෙන සිටින්නේ පාකිස්තානයේ සෞද් ශකීල් සමගයි.

මෙම ලැයිස්තුවේ තෙවැනි තැන නවසීලන්තයේ හිටපු ක්‍රීඩකයෙකු වන Bert Sutcliffe ට හිමි ව ඇති අතර, තරග 06කට ක්‍රීඩා කරමින් ඔහු එම ජයග්‍රහණය ලබා තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 179ක් ලබා සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

එහිදී කමිඳු මෙන්ඩිස් කඩුල්ලේ රැඳී සිටින්නේ පන්දු 94කට ලකුණු 62ක් ද සමගින්.

ඊට හතරේ පහර 08ක් ද ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52