ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා පැවැත් වෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354ක්.

මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇති අතර, එම සංඛ්‍යාව 39ක්.

මෙවර මැතිවරණය සඳහා වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 1,881,129ක් ලෙස දැක්වෙනවා.

අඩුම ඡන්දදායකයින් සංඛ්‍යාක් ලියාපදිංචි වී ඇති මැතිවරණ දිස්ත‍්‍රික්කය වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කය වන අතර, එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක්.

2024 ජනධිපතිවරණය අද (21) දිනයේ පවත්වන බවට වන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය ජුලි මස 26 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ජනධිපතිවරණයය අදාළ නාම යෝජනා භාර ගැනීම පසුගිය අගෝස්තු 15 වනදා සිදු කෙරුණා.

මේ අතර ඊයේ (20) පස්වරුව වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

මෙවර මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් 150,000කට අධික පිරිසක් යොදවා ඇති අතර, මෙම මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 28ක්.

මේ අතර තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට අද දිනයේත් ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි අතර, නිල ඡන්ද පත්‍රිකාවක් නොමැතිවවුව ද ලියාපදිංචි වී ඇති ඡන්දදායකයෙකුට වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.

ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර ඇත්තේ සීමිත පුද්ගලයින් සංඛ්‍යාවකට වන අතර, ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ප්‍රතිඵල නිවේදන මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම් වශයෙන් රැස්වීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඡන්දදායකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40