කල්ලියක් විසින් ජනාධිපතිවරයාව එක රාමුවක් තුළට කොටු කරගෙන සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
“අලි සබ්රි ඇමතිතුමා මට දෙපාරක් කතා කළා. දැන් පොඩ්ඩකට කලිනුත් කතා කළා. මමත් ඔහුට උපදෙස් කිහිපයක් දුන්නා. සබ්රි මේක මේ විදිහට කරන්න පුළුවන්. මේක අනිත් විදිහට කරන්න පුළුවන්. ඔහුත් කිව්වා.. හර්ෂ ඒක හරි අපි බලමු මේක මෙහෙම කරලා, මම කෝල එකක් දෙන්නම් අයෙත් හෙට කියලා.”
“ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා දිර්ඝ සාකච්ඡාවක් කළා. මම ඔහුට මගේ හිතේ තියෙන දේවල් දේශපාලන බේදයකින් තොරව කිව්වා.”
“අලුතෙන් මහ බැංකුවේ අධිපති පත්කරලා ඒක කියන්න කලින්.. ඔහු මට ඔස්ට්‍රේලියාවේ ඉඳන් කතා කළා. මම කිව්වා නන්දලාල් ඔයා බය වෙන්න එපා. විපක්ෂය ඔයාට අවශ්‍ය සහාය දෙනවා කියලා. මම ඔහුට කිව්වා. ඔහුගෙන් අහලා බලන්න. ගොඩක් දේවල් කරන්න තියෙනවා. දේශපාලන ස්ථාවරභාවයක් ගේන්න. අපි සූදානම්.. හැබැයි තනි අතින් අත්පුඩි ගහන්න බැහැ.”
“මම හොඳ දෙයක් කියන්නම්.. මහාචාර්ය ශාන්ත දේවරාජන් ඇවිත් හිටියා දෙසැම්බර් මාසයේ. ලාංකිකයෙක්. බලන්නකෝ කොච්චර ඉහළට ගිය පුද්ගලයෙක්ද? ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා. මම හොඳටම දන්නවා.. එතුමා ජනාධිපතිතුමාව ගිහිල්ලා හමුවුණා. හමුවෙලා මේක කිව්වා.”
“පස්සේ මට කෝල කරලා කිව්වා.. හර්ෂ කිසිම විදිහකට මට මේක එකුමාට අවබෝධ කරලා දෙන්න බැරි වුණා කියලා. ජනාධිපතිතුමා කිව්වා කියලා කිව්වා.. ඇයි ශාන්ත එහෙම නම් නිවාඩ් මට මේක කරන්න එපා කියන්නේ කියලා. ජනාධිපතිතුමා එහෙම අහලා තියෙනවා.”
“එතකොට කවුද? ජනාධිපතිවරයාව මේ වළල්ලේ හිර කළේ? ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ පැත්තෙන් බලනකොට මට එතුමා ගැන පොඩි දුකක් ඇති වෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිතුමා කිසිදවසක මේ වගේ වැරද්දක් කරන්න බලාපොරොත්තු වුණා කියලා. කල්ලයක් විසින් ඔහුව කොටු කරගත්තා. කොටු කරගෙන.. ඔහුට හැකියාවක් තිබුණේ නැහැ ඒ වළල්ලෙන් එහා බලන්න.”














onna kauruth hondin mathaka thiyaaganna. Harsha de Silva ta nam kisima rahasak kiyanna epa
අපි තේරුම් අරන් ඉවරයි..මොකද ජනපතිට හොඳ ගැම්මක් තිබුනා
..ජනපති අතින් රට හැදුනොත් බල ලෝබින්ට තැනක් නෑ ඒකයිහෙම වුනේ..