හර්ෂ ද සිල්වා ගේ විශේෂ හෙළිදරව්වක්

කල්ලියක් විසින් ජනාධිපතිවරයාව එක රාමුවක් තුළට කොටු කරගෙන සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“අලි සබ්රි ඇමතිතුමා මට දෙපාරක් කතා කළා. දැන් පොඩ්ඩකට කලිනුත් කතා කළා. මමත් ඔහුට උපදෙස් කිහිපයක් දුන්නා. සබ්රි මේක මේ විදිහට කරන්න පුළුවන්. මේක අනිත් විදිහට කරන්න පුළුවන්. ඔහුත් කිව්වා.. හර්ෂ ඒක හරි අපි බලමු මේක මෙහෙම කරලා, මම කෝල එකක් දෙන්නම් අයෙත් හෙට කියලා.”

“ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා දිර්ඝ සාකච්ඡාවක් කළා. මම ඔහුට මගේ හිතේ තියෙන දේවල් දේශපාලන බේදයකින් තොරව කිව්වා.”

“අලුතෙන් මහ බැංකුවේ අධිපති පත්කරලා ඒක කියන්න කලින්.. ඔහු මට ඔස්ට්‍රේලියාවේ ඉඳන් කතා කළා. මම කිව්වා නන්දලාල් ඔයා බය වෙන්න එපා. විපක්ෂය ඔයාට අවශ්‍ය සහාය දෙනවා කියලා. මම ඔහුට කිව්වා. ඔහුගෙන් අහලා බලන්න. ගොඩක් දේවල් කරන්න තියෙනවා. දේශපාලන ස්ථාවරභාවයක් ගේන්න. අපි සූදානම්.. හැබැයි තනි අතින් අත්පුඩි ගහන්න බැහැ.”

“මම හොඳ දෙයක් කියන්නම්.. මහාචාර්ය ශාන්ත දේවරාජන් ඇවිත් හිටියා දෙසැම්බර් මාසයේ. ලාංකිකයෙක්. බලන්නකෝ කොච්චර ඉහළට ගිය පුද්ගලයෙක්ද? ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා. මම හොඳටම දන්නවා.. එතුමා ජනාධිපතිතුමාව ගිහිල්ලා හමුවුණා. හමුවෙලා මේක කිව්වා.”

“පස්සේ මට කෝල කරලා කිව්වා.. හර්ෂ කිසිම විදිහකට මට මේක එකුමාට අවබෝධ කරලා දෙන්න බැරි වුණා කියලා. ජනාධිපතිතුමා කිව්වා කියලා කිව්වා.. ඇයි ශාන්ත එහෙම නම් නිවාඩ් මට මේක කරන්න එපා කියන්නේ කියලා. ජනාධිපතිතුමා එහෙම අහලා තියෙනවා.”

“එතකොට කවුද? ජනාධිපතිවරයාව මේ වළල්ලේ හිර කළේ? ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ පැත්තෙන් බලනකොට මට එතුමා ගැන පොඩි දුකක් ඇති වෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිතුමා කිසිදවසක මේ වගේ වැරද්දක් කරන්න බලාපොරොත්තු වුණා කියලා. කල්ලයක් විසින් ඔහුව කොටු කරගත්තා. කොටු කරගෙන.. ඔහුට හැකියාවක් තිබුණේ නැහැ ඒ වළල්ලෙන් එහා බලන්න.”

  1. අපි තේරුම් අරන් ඉවරයි..මොකද ජනපතිට හොඳ ගැම්මක් තිබුනා
    ..ජනපති අතින් රට හැදුනොත් බල ලෝබින්ට තැනක් නෑ ඒකයිහෙම වුනේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22