විදේශ රටවල සිට මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙසට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ කළු කඩ වෙළඳාම හරහා අක්‍රමවත් ක්‍රමවේදයන් ඔස්සේ විදේශ මුදල් මෙරටට එවීමට කටයුතු නොකරන ලෙසයි.
මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.
රොයිටර් පුවත් සේවය සහ ප්‍රංශ පුවත් සේවය මගින් පළ කළ මේ පිළිබද වාර්තා එන්.ඩී.ටී.වී, හින්දුස්ථාන් ටයිම්ස්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු සියළුම ඉන්දීය පුවත්පත්වල විශාල ප්‍රසිද්ධියක් ඒ සඳහා ලබාදී තිබෙනවා.
මේ අතර, ණය පැහැර හැරීම සහ මුදල් අවප්‍රමාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් කැඳවන ලෙසට එක්සත් ජාතික පක්ෂය අද රජයෙන් ඉල්ලීමක් කළා.
















srilankan aiairline petroleum corporation වැනි ආයතනද ලක්ෂ 20 30 ගෙවන පඩි වහාම නවත්වන්න ඇමතිවරු පත් කරගෙන ඉන්නේ බොරු කාර්යමණ්ඩලවලට ලක්ෂ දෙක තුන ගෙවන එක නවත්වන්න ඇමතිවරු හිතවතුන්ගේ බිල්ඩින් ඇරගෙන කාර්යාල කුලී ගෙවන ලක්ෂ 70 80 නවත්වන්න .ඉන්පසුව මේ ඉල්ලීම කරන්න