spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලැක්ටෝ වත්තේ නිධන් සෙවු කොස්තාපල්වරුන් දෙදෙනෙකු අල්ලයි

නිධානයක් ගොඩ දැමීම සදහා කැණීම් කටයුතු සිදු කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා.

අද (19) දින අළුයම 5.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි යකැදුරෙකු පළා ගොස් තිබෙනවා.

වනාතවිල්ලුව පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරක් පවත්වා ගෙන යන ලැක්ටෝ වත්ත නම් ඉඩමේදී සැකකරුවන් නිධානය ගොඩ දැමීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කදවුරේම සේවය කරන නිලධාරීන් දෙදෙනෙක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා කැණිම් කටයුතු සිදු කරමින් සිට ඇත.

අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් මෙම ලැක්ටෝ වත්තේ වල දමා තිබූ පුපුරුණ ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් මීට වසර 04 කට පමණ පෙර සොයා ගන්නා ලද අතර පසුව එම ඉඩමේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරක් ස්ථාපනය කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?