spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය තරුණියන් මතීෂට වහවැටෙයි – ජනප්‍රිය තරුණ නිළියකුත් ඒ අතරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (31) රාත්‍රියේ පැවති තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිදු වුණා.

චෙන්නායි කණ්ඩායම මෙම තරගය පරාජයට පත්වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණගේ දක්ෂතා ඊයේ තරගයේ දී කැපී පෙනුනා.

මෙම තරගයේ දී මතීෂ ලකුණු 31ක් තුළ දිල්ලි ඉනිමේ ප්‍රබල කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූ අතර, සුපිරි උඩ පන්දුවක් රැකගනිමින් ප්‍රවේගකාරී පිති හරඹයක් දියත්කරමින් සිටි ඩේවිඩ් වෝනර්ගේ ඉනිම අවසන් කරන්නට ද දායක වුණා.

මේ අතර මතීෂ පතිරණ ඉන්දීය තරුණියන් අතර ජනප්‍රිය සහ ආදරයකරන තරුවක් බවට මේ වනවිටත් පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මතීෂට ඇලුම්කරන දස දහස් සංඛ්‍යාත ඉන්දීය තරුණියන් අතර, දමිළ නිළියක් ද සිටින බවයි.

දමිළ රූපවාහිනී ලෝකයේ රැල්ලක් ඇති කළ දක්ෂ නිළික් වන නේහා මෙනන් ද, මතීෂට අතිශය ආදරය කරන තැනැත්තියක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මතීෂ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ සටහනක් හේතුවෙන්, මතීෂ පතිරණ සමඟ ඇය ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ද කට කතාවක් ද පැතිර ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් එම කට කතාව සම්බන්ධයෙන් නේහා මෙනන් අදහස් දැක්වවමින් හාස්‍යජනක ලෙස එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

තමාට ක්‍රිකට් ගැන කිසිදු උනන්දුවක් නොමැති බවත් සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් පතිරණ සමඟ සම්බන්ධ වී සිටිය ද කිසි දිනෙක ක්‍රිකට් ක්‍රීඩකයා පෞද්ගලිකව මුණගැසී නැති බවත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?