spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවන් තොණ්ඩමන් තරුණ ගෝලීය නායකයකු වශයෙන් තෝරා ගනියි

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, ජීවන් තොණ්ඩමන්ව තරුණ ගෝලීය නායකයකු වශයෙන් තෝරාගෙන ඇති බව නිවේදනය කළා.

මෙසේ අමාත්‍යවරයකු තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

පසුගිය වර්ෂයේ අමාත්‍යවරයකු බවට පත්වූ තොණ්ඩමන් මහතා, ඉතිහාසයේ පටන් ආන්තීකරණයට ලක් වූ ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජල පරිභෝජනය සඳහා වූ ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය ලබා දීම වෙනුවෙන් කටයුතු කළා.

තරුණ ගෝලීය නායක (YGL) ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් සිදුකරන සුවිශේෂී නායකයන් 1,000 කට අධික සංඛ්‍යාවකින් යුත් බහු-පාර්ශවික ප්‍රජාවක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?