spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී වාහන 51ක් ගැන අධිකරණයෙන් නියෝගක්

නීති විරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දින මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ නීති විරෝධී ලෙස වාහන 51 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද අල්ලස් කොමිසම පවසනවා.

ඊට අදාලව අදාල වාහන වෙනත් පාර්ශව වෙත පැවරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් අධිකරණය ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?