spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කම්පෙෂර් බටය ගුද මාර්ගයට අල්ලලා – සෙල්ලම ලෙල්ලම වී තරුණයාට දිවි අහිමි වෙයි

මාබිම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් (කම්පෙෂර් බටයක්) ඇල්ලීමෙන් ඔහුගේ බඩවැල් පිපිරී මියයාමේ පුවතක් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් බවයි සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ.

පසුගිය 25 වනදා ආයතනයේ සේවකයන් දෙදෙනෙකු විසින් විහිළුවට මෙම තරුණයාගේ ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් අල්ලා ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දෝ ඔහුගේ උදරයට හුළං පිරී අසාධ්‍ය තත්ත්වයෙන් එම තරුණයා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

එලෙස රෝහල් ගතකළ එම තරුණයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ මියගොස් ඇති බව සපුගස්කන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ සැකකාර සේවකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක්.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර සේවකයින් දෙදෙනා පසුගිය 26 වනදා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
48
+1
14
+1
12
+1
246
+1
19
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?