spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්තලමේ නිවසක් යෝධ කිඹුලෙක් ආක්‍රමණය කරයි

පුත්තලම තේවනුවර ප්‍රදේශයේ නිවසකට අද (05) දින පෙරවරුවේ යෝධ කිඹුලෙකු ඇතුල් වී තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාව විසින් මේ පිළිබඳව කරුවලගස්වැව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලා සිය ග්‍රහණයට හසුකර ගත්තා.

පසුව එම කිඹුලා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ගල්විල පරිසර උද්‍යානයට මුදා හැරීමටයි කටයුතු කළේ.

කරුවලගස්වැව වනජීවී නිලධාරීන් කියා සිටියේ කිඹුලාගේ දිග අඩි 9ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 150ක් පමණ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?