පාර්ලිමේන්තුව යලිත් රැස්වන දිනය මෙන්න

පාර්ලිමේන්තුව මෙම මාසයේ 24, 25 සහ 26 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න පවසනවා.

එම දින තුනේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් මෙලෙස පැවැත්වීමට තීරණය කර ඇත්තේ විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුවයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (05) දින රැස්වූණා.