ඩෙංගු අවධානම් කලාප ගණන පහළට

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා.

මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය මේ වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් අද (05) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්