ණය ගෙවීමට තිබෙන හැකියාව නැත්තටම නැති වෙයි

ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව සතුව තිබෙන හැකියාව මේ වනවිට නැත්තටම නැති වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (12) පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ නිවේදනය නොකර ණය නොගෙවීම තුළින් රටකට වියහැකි නරකම තත්ත්වය උදාකළ හැකි බවය. 

“විදේශ ණය ගෙවන්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන් නැති වෙලා තියෙන අවස්ථාවකට තමයි අපි දැන් පැමිණිලා තියෙන්නේ. පෙට්‍රල්, ඩීසල්, ඖෂධ වර්ග, කිරිපිටි, විදේශ ආහාර ද්‍රව්‍ය ලොකු හිඟයක් රටේ පවතිනවා.” 

“දැනට ගලාඑන සීමිත විදේශ විනිමය කොටසත් ණය ගෙවන්න භාවිත කළොත් අපිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අඩු කරන්න අපහසුයි.”

“මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කළා මේ අවස්ථාවේ ගන්න තියෙන හොඳම තීරණය තාවකාලිකව හෝ විදේශ ණය ගෙවීම අත්හිටුවන්න.”

“හැබැයි මේක අපේ කැමැත්තෙන් විතරක් එකපාරටම නවත්වලා දැම්මොත්..ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ හාඩ් ඩිෆෝල්ට්. උදාහරණයක් ලෙස අපි බැංකුවෙන් ගන්න ණය ගෙවීම දැනුම්දීමකින් තොරව එකපාර නතර කළොත් ඔබට තවදුරටත් ණයක් ගැනීමේ හැකියාව නැති කරමින් නම ක්‍රිබ් එකට යවනවා.”

“හැබැයි බැංකුවත් සමග සාකච්ඡා කරලා වෙනසක් ඉල්ලා සිටියොත් ප්‍රතිව්‍යුහගත කිරීමක් සමග යන්න පුළුවන්.”

“ඉතින් මේ වගේ අවස්ථාවක කරන්න තියෙන හොඳම දේ තමයි ණය හිමියන්ට දැනුම්දීලා තාවකාලිකව ණය ගෙවීම නවත්වලා සාකච්ඡා මේසයකට ඇවිත් එකඟත්වයකට පැමිණීම.”

“අපි ඉතාම අවංකව තමයි මේක කරන්නේ. අපිට ණය ගෙවීමට තිබෙන උනන්දුව එහෙමම තිබෙනවා. නමුත් ගෙවීමට තිබෙන හැකියාව නැත්තටම නැතිවෙලා.”

“මේ දෙයින් අපිට යම් සහනයක් ලැබෙනවා. ඒකෙන් පුළුවන් වෙනවා රටේ පවතින දැඩි අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය තුරන් කරලා ආර්ථිකය නැවත යථාතත්වයට පත්කරන්න උදව්වක් ගන්න.”

“මේ හරහා විදේශ විනිමය වෙළෙඳපොළේ දැනට තිබෙන විදේශ විනිමය හිඟය තුරන් කරන්න පුළුවන් වෙයි. අනුපාතය යම් ස්ථාවර මට්ටමක තියා ගන්න හැකි වෙයි.”

“අපි මේක අද නිවේදනය කළේ නැත්තම් අපිට ලබන සතියේ 18වනදා ගෙවන්න තිබෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න ණය වාරිකයක්.දැනුම්දීමකින් තොරව නොගෙවා සිටීම රටකට වියහැකි නරකම දෙයක්.” 

“විදේශ නීති මත ගත් විදේශ ණය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර පාලනය වන්නේ මෙරට නීතියෙන්. අනික ඒවා දේශීය ණය. ඒ නිසා ඒවා ප්‍රතිව්‍යුහගත වන්නේ නෑ.”

“ඉතාම පැහැදිලිව මෙය වෙළෙඳ ණයවර සඳහා බලපෑම් එල්ල කරන්නේ නැහැ. ඒවා ණය ගණයට ගැනෙන්නේ නැහැ. ණයවර ලිපි ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04