spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ සිට ආ බීඩි කොළ සමඟ දෙදෙනෙක් දැලේ (ඡායාරූප)

අද (18) දින අළුයම හලාවත – තොඩුවාව මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2468 සමඟ සැකකරුවන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව සහ නාවුක හමුදාව කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම කළ නිලධාරීන් බීඩි කොළ තොගය ගොඩ බිමට ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටු 03 ක්ද තම බාරයට ගෙන ඇති අතර බීඩි කොළ තොගය පොලිතින් උර 76 ක අසුරා තිබුණු බව සඳහන්.

බීඩි කොළ තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මීගමුවේ පදිංචිකරුවන් වන අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති බීඩි කොළ තොගය මෙතෙක් තක්සේරු කර නැති අතර සුරාබදු පෙදාර්තමේන්තුවේ මාදම්පේ කාර්යාලයේ නිලධාරීන් සහ නාවුක හමුදාවේ තොඩුවාව ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?