හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ඇප හිමි ව තිබෙනවා.
ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03) පෙරවරුවේ මෙම විත්තිකරුවන් ව ඇප මත මුදා හැරීමට නියෝග කළා.
නඩුවේ විත්තිකරුවන් වන මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාට මෙලෙස ඇප හිමි වූ අතර ඔවුන් තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් මෙන් ම ලක්ෂ 50ක මුදල් ඇප 05ක් මත මුදා හැරීමට ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම විත්තිකරුවන්ට විදේශ ගමන් ද තහනම් කෙරුණා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් ද වළකින ලෙසත් සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවටයි හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.
රක්ෂිත බන්ධනාගාරගත ව සිටි හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ගම්පහ මහාධිකරණයේ දී සලකා බැලුණේ ගම්පහ මහාධිකරණ විනිසුරු W.K.D. විජයරත්න මහතා ඉදිරියේ දී යි.