හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ඇප හිමි ව තිබෙනවා.

ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03) පෙරවරුවේ මෙම විත්තිකරුවන් ව ඇප මත මුදා හැරීමට නියෝග කළා.

නඩුවේ විත්තිකරුවන් වන මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාට මෙලෙස ඇප හිමි වූ අතර ඔවුන් තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් මෙන් ම ලක්ෂ 50ක මුදල් ඇප 05ක් මත මුදා හැරීමට ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම විත්තිකරුවන්ට විදේශ ගමන් ද තහනම් කෙරුණා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් ද වළකින ලෙසත් සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවටයි හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.

රක්ෂිත බන්ධනාගාරගත ව සිටි හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ගම්පහ මහාධිකරණයේ දී සලකා බැලුණේ ගම්පහ මහාධිකරණ විනිසුරු W.K.D. විජයරත්න මහතා ඉදිරියේ දී යි.

  1. අපට මෙිි උන්නැහෙල ගැන අනුකමිිපා සහගතව .හිතන්නවත් බලන්නවත් ඉඩ තියල නෙමෙයි වැඩ කලේ.කමක් නැහැ ටිකදවසකට එලියට වෙලා ඉන්න ඉඩදීල වෙන්නෙ මොනවද කියල බලමු.කොහොමත් මුන්ට දඬුවම් දෙන්නම ඔිිනෙ.අසරණ දරුවන්ගෙ බත් පිඟානටත් කෙලපු එවුන් තමයි මුන්.කාලයක් රජකමිි කලා.දැන් ඉතිං බලුවෙලා ඉන්නව දකින්න ජනතාව කැමැත්තෙන් ඉන්නෙ.ඔහොම යන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18