විනිසුරු විශ්‍රාම වයස ඉහළ දමන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට නීතිපති අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයාගේ මෙම අනුමැතිය හිමිව ඇති අතර, ඊට සමගාමීව මහාධිකරණ විනිසුරුවරුන් සහ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනත ද සංශෝධනය කිරීමට නියමිතයි.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇති.

එසේම අධිකරණ සංවිධාන පනතට ගෙනෙන සංශෝධන හරහා, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ද වසර දෙකකින් දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා.

නීතිපති අනුමැතිය හිමිවීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත් ඉදිරියේ දී රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත අතර, ගැසට් පත්‍රයේ පළකිරීමෙන් සතියකට පසුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05