“මහර බන්ධනාගාරයේ සිදුවීම යම් පාර්ශ්වයක සැලසුමකට අනුව සිදු වූ දෙයක්”

මහර බන්ධනාගාර තුළ ඊයේ (01) ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම කිසියම් පාර්ශ්වයක සැලසුමකට අනුව සිදු වූ දෙයක් බවට තරයේ විශ්වාස කරන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම පවසනවා.

අද (02) පස්වරුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

රජය අපහසුතාවයට පත් කිරීම මෙහි අරමුණ බවට සැකයක් පවතින බවයි විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ඒ, අනුව යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායම සැලසුමකට අනුව මෙය සිද්ධ වෙන දෙයක් බවට පැහැදිලිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර බන්ධනාගාරයට දැඩි අලාභ හානියක් සිදුව ඇති බවත් එහි රැඳවියන් රදවා තැබීමට සුදුසු වටපිටාවක් නොමැති බවත්, ඒ හේතුවෙන් බන්ධනගාර නිලධරීන් විසින් රැඳවියන්ව වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට කටයුතු කරන බවත් බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැමිණි විධායක අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56