Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොල්ලුපිටිය වෙරළට ගොඩගසා තිබිය දී මළ සිරුරක් සොයාගැනේ

කොල්ලුපිටිය වෙරළට ගොඩ ගසා තිබිය දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් අද (02) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර ධීවරයෙකුගේ බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර එම ස්ථානයෙන්ම ගොඩබිමට පැමිණි තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.