බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි රජය රටක් පාලනය කරන්නේ කොහොමද ? – සජිත් ප්‍රේමදාස

බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකි ද යන්න ගැටලුවක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඇවිදින පුස්තකාල කියා විද්වතුන්ගෙන් සපිරි රජයක් බිහි කරන බව පැවසූ වත්මන් රජය ඇමරිකානු ලක්ෂ 25ක ණය වාරිකයක් හැකර්වරුන්ට පූජාකළ බවත්, විදේශය ණය වාරිකයක් නිසිලෙස ගෙවාගත නොහැකි, බන්ධනාගාර පාලනය කළ නොහැකි මේ රජය ජනතා ප්‍රශ්න විසදන්නේ කෙසේද යන්න ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

බොරැල්ල, මාලිගාකන්ද ප්‍රදේශයේ සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයාට විරුද්ධව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයේදී රජය ඔහුට පක්ෂව ඡන්දය ලබාදී විපක්ෂයට උසුලු විසුලු කළ බවත් එය සිදු වී දින කිහිපයක් ගතවන විට මහර බන්ධනාගාරයේ පවා එවැනි ගැටුමක් ඇති වූ බවයි ඔහු පවසන්නේ.

එදා වත්මන් අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයා රැකගැනීමට ඡන්දය ලබාදුන් වත්මන් රජයට අදවන විට නැවතත් මහර බන්ධනාගාරයේ කලබලකාරී තත්ත්වය විසදීමට සිදුව ඇති බවත් බන්ධනාගාරයක් පාලනය කළ නොහැකි වත්මන් රජයට රට ගොඩගැනීමට නොහැකි බවත්, රට ගොඩගනවා වෙනුවට රට විනාශ කරන රජයක් රටේ ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ.

අද අප රටේ 30-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත් නාගරික ග්‍රාමීය වතු ආශ්‍රිත බල ප්‍රදේශවල සමස්ත ජන සමාජයේ විශාල ප්‍රමාණයක් අද දුප්පතුන් බවට පත්ව ඇති බවත් ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56