අවුරුදු 13 පෙම්වතිය කෙලෙසූ විවාහක පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 13ක පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 35ක විවාහකයෙක් මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහවැව, කුඩාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ළමා උපකාරක සේවය විසින් ලබා දී තිබූ තොරතුරක් මත මාරවිල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරිය විසින් සිද්ධියට සම්බන්ධ දැරිය කැදවා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

සැකකරු තම පියාගේ මිතුරෙකු බවත්, ඒ හරහා ඔහු හදුනාගත් බවත් දැරිය පොලීසියට පවසා ඇති බව සඳහන්.

පියාගේ දුරකථනය ඔස්සේ නිතර ඔහු සමඟ කතා බහ කරමින් ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර පවත්වා ගෙන ගිය බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

එම පුද්ගලයා විවාහකයෙකු බව තමන් දැන සිටි බවත් දැරිය පොලීසියට හෙළිකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුගිය ජූලි මස 05 වනදා මුහුදු වෙරළට යාම සදහා යැයි පවසා සැකකරු දැරිය ගෙන්වාගෙන ඇයව මහවැව ප්‍රදේශයේ ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් පළමු වරට ඇය සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා ඇති බව විමර්ශණවල දීඅනාවරණය වී තිබෙනවා.

අනතුරුව තවත් අවස්ථා දෙකකදී එම ලැඟුම්හලේදීම සැකකරු තමන් සමඟ අඹුසැමි සම්බන්ධතා පැවැත්වූ බවද දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

දුෂණයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03