spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – අකුරණට ප්‍රහාරයක් කියා 118 අමතා රටම ඇවිලූ මව්ලවිගේ තොරතුරු මෙන්න (වීඩියෝ)

මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හාර්ස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේ පදිංචි ඉසදීන් මොහොමඩ් සජිත් නැමැති මොහු 21 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මෙම සැකකරු මවුලවිවරයෙකු ලෙස ද කටයුතු කරන අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මහනුවර – අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පසුගිය 18 වනදා සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවිය හැකි බවට පසුගිය 19 වනදා සැකකරු විසින් 118 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරක් ලබා දී තිබෙනවා.

මෙම තොරතුරුවල අසත්‍යතාවය තහවුරු කරගන්නා තුරු අදාළ ප්‍රදේශවලට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාව සැපයීමටයි කටයුතුකර තිබුණේ.

https://youtu.be/55rGGzFLnlc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?