පසුගිය ජුලි මස 23 වනදා වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අපරාධයට ආධාර අනුබල දුන් මෙම සැකකරු ඊයේ (02) නවගම්පුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකරු අපරාධ සඳහා වෙඩික්කරුවන්ට මෝටර් රථය ලබාදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 18ක කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













