හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ඇප හිමි ව තිබෙනවා.

ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03) පෙරවරුවේ මෙම විත්තිකරුවන් ව ඇප මත මුදා හැරීමට නියෝග කළා.

නඩුවේ විත්තිකරුවන් වන මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාට මෙලෙස ඇප හිමි වූ අතර ඔවුන් තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් මෙන් ම ලක්ෂ 50ක මුදල් ඇප 05ක් මත මුදා හැරීමට ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම විත්තිකරුවන්ට විදේශ ගමන් ද තහනම් කෙරුණා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් ද වළකින ලෙසත් සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවටයි හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.

රක්ෂිත බන්ධනාගාරගත ව සිටි හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ගම්පහ මහාධිකරණයේ දී සලකා බැලුණේ ගම්පහ මහාධිකරණ විනිසුරු W.K.D. විජයරත්න මහතා ඉදිරියේ දී යි.

  1. අපට මෙිි උන්නැහෙල ගැන අනුකමිිපා සහගතව .හිතන්නවත් බලන්නවත් ඉඩ තියල නෙමෙයි වැඩ කලේ.කමක් නැහැ ටිකදවසකට එලියට වෙලා ඉන්න ඉඩදීල වෙන්නෙ මොනවද කියල බලමු.කොහොමත් මුන්ට දඬුවම් දෙන්නම ඔිිනෙ.අසරණ දරුවන්ගෙ බත් පිඟානටත් කෙලපු එවුන් තමයි මුන්.කාලයක් රජකමිි කලා.දැන් ඉතිං බලුවෙලා ඉන්නව දකින්න ජනතාව කැමැත්තෙන් ඉන්නෙ.ඔහොම යන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00