පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී මොහු සිය ටී-56 ගිනිඅවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර දකුණු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා..
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
2
+1
1













