ස්විට්සර්ලන්තය පරදා මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව FIFA ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ස්විට්සර්ලන්තය ගෝල තුනට එකක් ලෙස පරාජය කළ ආජන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම අද සමත් වුණා.

ඒ, අනුව මෙවර පාපන්දු ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයේ දී වත්මන් ලෝක ශුර ආජන්ටිනාව ලබන 16 වනදා එංගලන්තය සමඟ තරගය විදීමට නියමිතයි.

ස්විට්සර්ලන්තය සමඟ මිසූරි හි කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේ දී අද පැවති තරගයේ පළමු ගෝලය, තරගයේ 10 වන ව්මිනිතුවේ දී වාර්තා කළ මැක් ඇලිස්ටර් ආර්ජන්ටිනාවට ජයග්‍රාහි මාවත සකසා දුන්නා.

අනතුරුව තරගයේ දෙවන අර්ධයේ 67 වන මිනිත්තුවේදී ඩැන් නොඩ්යේ, ස්විට්සර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් තරගය ගෝල එකට එක බැගින් සම තත්ත්වයට ගෙන ඒමට සමත් වුණා.

තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබාගෙන තිබීම හේතුවෙන් තරගය සඳහා අමතර කාලයක් ලබාදීමටයි පියවර ගත්තේ.

ඒ, අනුව අමතර කාලයේ 112 මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ජූලියන් අල්වර්සී ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා.

එතැනින් නොනැවතුණු ආර්ජන්ටිනා ක්‍රීඩකයින් ස්විට්සර්ලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්, 121 වන මිනිත්තුවේ දී ජයග්‍රාහි තුන්වන ගෝලය වාර්තා කරමින් මෙම තරගයේ ජය හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57