බීමතින් පාසල් සිසුන් රැගෙන ගිය සිසුසැරියේ රියදුරු අත්අඩංගුවට

මොණරාගල සිට බදුල්ල දක්වා බීමත්ව පාසල් සිසුන් ප්‍රවාහනය කළ බව කියන පෞද්ගලික බස්රථ රියදුරෙකු අද (04) දින උදෑසන බදුල්ල මූලස්ථාන පොලිස් රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරවිල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම බස් රථය බදුල්ල නගරයේ පිහිටි පාසල් සදහා මොණරාගල, බඩල්කුඹුර යන ප්‍රදේශවල සිට පාසල් ළමුන් සහ ගුරුවරුන් ප්‍රවාහනය කරනු ලබන සිසුසැරිය බස් රථයක් බවද පොලිසිය සඳහන් කළා.

බදුල්ල, පස්සර මාර්ගයේ උඩවෙල විද්‍යාලය ආසන්නයේ දි මාර්ගයේ අපරික්ෂාරී ලෙස ධාවනය කරමින් තිබු බස් රථය පොලිස් නිලධාරින් විසින් නතර කොට පරික්ෂා කිරීමේදි රියදුරු බිමත්ව සිටින බව තහවුරු වීමෙන් පසුව එම අවස්ථාවේදි ඔහු අත්අඩංගුවට ගත් බවත් ඒ වනවිට බස්රථය තුළ පාසල් සිසු සිසුවියන් හා ගුරුවරුන් 40 දෙනෙක් පමණ සිට ඇති බවත් පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් රියදුරු බීමත්ව රිය පැදවීම හා අන්තරාදායක ලෙස රිය ධාවනය ඇතුළු චෝදනාවන් යටතේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05