ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය දැනුම් දෙනවා.
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ගුවන් ගමන් තවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
පැවති යුදමය තත්ත්වය මේ වනවිට යම් මට්ටමකට සමනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.













