ස්විට්සර්ලන්තය ගෝල තුනට එකක් ලෙස පරාජය කළ ආජන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම අද සමත් වුණා.
ඒ, අනුව මෙවර පාපන්දු ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයේ දී වත්මන් ලෝක ශුර ආජන්ටිනාව ලබන 16 වනදා එංගලන්තය සමඟ තරගය විදීමට නියමිතයි.
ස්විට්සර්ලන්තය සමඟ මිසූරි හි කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේ දී අද පැවති තරගයේ පළමු ගෝලය, තරගයේ 10 වන ව්මිනිතුවේ දී වාර්තා කළ මැක් ඇලිස්ටර් ආර්ජන්ටිනාවට ජයග්‍රාහි මාවත සකසා දුන්නා.
අනතුරුව තරගයේ දෙවන අර්ධයේ 67 වන මිනිත්තුවේදී ඩැන් නොඩ්යේ, ස්විට්සර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරමින් තරගය ගෝල එකට එක බැගින් සම තත්ත්වයට ගෙන ඒමට සමත් වුණා.
තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම දෙකම එක් ගෝලය බැගින් ලබාගෙන තිබීම හේතුවෙන් තරගය සඳහා අමතර කාලයක් ලබාදීමටයි පියවර ගත්තේ.
ඒ, අනුව අමතර කාලයේ 112 මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ජූලියන් අල්වර්සී ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා.
එතැනින් නොනැවතුණු ආර්ජන්ටිනා ක්‍රීඩකයින් ස්විට්සර්ලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්, 121 වන මිනිත්තුවේ දී ජයග්‍රාහි තුන්වන ගෝලය වාර්තා කරමින් මෙම තරගයේ ජය හිමිකර ගත්තා.













