උඩුගම, හෝමදොල – බංගම මාර්ගයේ අතුරු මාර්ගයකදී අනතුරක් සිදුවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සංවර්ධන කටයුත්තක් සඳහා රැගෙන එන ලද ස්කෙවේටර් යන්ත්‍රයක් බිමට ගැනීමේදී පෙරලී ගොස් පුද්ගලයෙක් මතට වැටීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමදොල ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි පුද්ගලයෙක්.
අනතුර සම්බන්ධව උඩුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













