2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර අද (08) පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.
තරගයේ කාසියේ ජයගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට පන්දුවාර 19යි පන්දු 02කට පමණක් මුහුණදෙමින් කඩුලු 09ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 123ක් පමණයි.
ඒ අනුව මෙවර ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකර ගැනීම සඳහා ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 124ක් පමණයි.













