‘ටයිෆූන්’ සුළි කුණාටුවේ බලපෑම 06 වනදා සිට

දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (04) දහවල් කාලයෙන් පසු පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මේ බව සඳහන් කළේ අද (03) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ, අනුව හෙට දහවල් කාලයේ පසු පවතින වැසි තත්ත්වය අඩුවනු ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර ජපානයට දකුණින් පැසිෆික් සාගරයේ ඇති වී තිබෙන ‘ටයිෆූන්’ සුළි කුණාටුව වර්ධන වෙමින් පවතින බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා එය සක්‍රීයවීමත් සමඟ ලබන 06 වනදායින් පසු මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව සබරගමුව පළාතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් එම කාලය තුළ වැසි ඇති විය හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56