රුපියල ශක්තිමත් කිරීමට විදේශගත ඉන්දියානුවන්ගෙන් ඩොලර් බිලියන 40.8ක්

ඉන්දීය රුපියලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සහ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමේ අරමුණින් විදේශගත ඉන්දියානුවන් ඉලක්ක කර ආරම්භ කළ විශේෂ වැඩසටහනක් හරහා මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 40.8ක මුදලක් රැස් කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

ඉන්දීය සංචිත බැංකුව (RBI) පසුගිය ජුනි මාසයේ මෙම වැඩසටහන ආරම්භ කළ අතර, 1990 වසරෙන් පසු විදේශ විනිමය ආකර්ෂණය කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ හයවැනි අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානය ආශ්‍රිත ගැටුම් හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ මේ වසර තුළ ඉන්දීය රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6කින් පමණ අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්දියාවට මෙම පියවර ගැනීමට සිදු වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්ගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය බැංකු විදේශගත ඉන්දියානුවන්ට වැඩි පොලී අනුපාත සහ විශේෂ තැන්පතු පහසුකම් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ඇතැම් බැංකු තැන්පත් කරන මුදල මෙන් කිහිප ගුණයක් ණය ලබාගැනීමේ පහසුකම් ද ලබාදී ඇති බව සඳහන්.

ආර්ථික විශේෂඥයන්ගේ ඇස්තමේන්තුව අනුව, සැප්තැම්බර් වන විට මෙම වැඩසටහන හරහා රැස්වන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 60 දක්වා ඉහළ යා හැකි අතර, එය ඉන්දියාවේ සමස්ත විදේශ විනිමය සංචිතයෙන් සියයට 10කට ආසන්න ප්‍රමාණයක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46