ලොකු පැටීගේ ගෝලයාට වැඩේ දුන් බව කියන පොලිස් නිලධාරියා රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටිගේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කරන ගිං ගඟේ ගිල්වා මරා දමා තිබියදී පසුගියදා හමුවූ අල්මේදා නැමැත්තාගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා අද ( 04) රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඒ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රමේෂ් ලක්ෂාන් නැමැති පොලිස් නිලධාරියා පෝද්දල පොලිසිය මඟින් බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම පොලිස් නිලධාරියා බද්දේගම මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් අගෝස්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කරනු ලැබුවා.

ඝාතනයට ලක් වූ විරාජ් රශ්මික නැමැති පුද්ගලයා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන සිටි බවට, ගාල්ල අපරාධ කොට්ඨාශය විසින් රඳවා ගැනීමේ නියෝග මත අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු වන විහඟ නමැති අය ලබාදුන් දිවුරුම් පෙත්සමක් මත පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබුණා.

දිවුරුම් පෙත්සම්කරු කියා තිබුණේ ඝාතනයට ලක්වූ විරාජ් රශ්මික ඔහු සමඟ ගාල්ල අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01