සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට අද (21) අළුයම මෙලොව එළිය දුටු සය නිවුන් දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මහතා පැවසීය.

තම බිරිඳ විසින් මෙතෙක් දරාගෙන සිටි දරුවන්ගේ බර අද සිට තම උර මතට ගත් බවත්, දරුවන් යහපත් පුරවැසියන් ලෙස ඇති දැඩි කිරීම තම අරමුණ බවත් ඔහු සඳහන් කළේය.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන ප්‍රභාත් උදයංග මහතා මේ බව පැවසුවේ මෙම ඉතිහාසගත දරු උපත සම්බන්ධයෙන් කොළඹ නයින්වෙල්ස් රෝහලේ දී අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී මෙසේ ච පැවසීය. “අපි විවාහ වුණේ මීට වසර දෙකකට පමණ පෙරයි. අපි දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටියා. එක්වර දරුවන් හය දෙනෙක් ලැබෙන්න යන බව දැනගත් විට සතුටක් දැනුණත් යම් තිගැස්මකුත් ඇතිවුණා. ලංකාවේ මීට පෙර නිවුන් දරුවන් හයදෙනෙක් බිහිවී නොමැති බව දැනගත්තේ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා හමුවූ පසුයි. ටිරාන් ඩයස් මහතා නිරන්තරයෙන් අපට අවශ්‍ය උපදෙස් දෙමින් දරුවන්ගේත් මවගේත් ආරක්‍ෂාව තහවුරු කළා.

දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය උපදෙස් අනුව බිරිඳව සතියකට පෙර රෝහලට ඇතුළත් කළා. ඒ කාලයේදී වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇය තුළ විශ්වාසයක් ගොඩනගමින් දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම් කළා. රෝහල අපි වෙනුවෙන්ම උපකරණ ඇතුළු යම් යම් දේ සූදානම් කළා. මේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. දරුවන් බිහිකරන අවස්ථාවේ මට බිරිඳ අසල ඉන්න ලැබුණා. ඒ වගේම සැත්කමින් පැයකට පසු දරුවන් බලන්නත්, බිරිඳ සමඟ කතා කරන්නත් අවස්ථාව ලැබුණා. සති 31ක් තිස්සේ මගේ බිරිඳ දරාගෙන සිටි බර අද මගේ උරමත තිබෙනවා. මට අවශ්‍ය මගේ දරුවන් රටට යහපත් පුරවැසියන් කරන්නයි. ඒ සඳහා මම උපරිමයෙන් කැපවෙනවා. මේ වෛද්‍යවරුන් මට දෙවිවරුන් වගේ. ඒ වගේම අපිට උදව් කළ අපේ පවුල්වල ඥාතීන්ටත් ස්තුතිවන්ත වෙනවා.”

මෙම දරුවන් බිහිකිරීමේ සිසේරියන් ශල්‍යකර්මය සිදුකළ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසුවේ දරුවන්ගේ උපත් බර ග්‍රෑම් 1,600ත් ග්‍රෑම් 836ත් අතර වන බවයි.

මෙම දරුවන් සහ මවගේ තත්වය මේ වන විට යහපත් බවත්, මව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නයින්වෙල්ස් රෝහලේ දැඩිසත්කාර ඒකකයේත්, දරුවන් නව ජන්ම දැඩිසත්කාර ඒකකයේත් රඳවා සිටින බවත් ඔහු සඳහන් කළේය.

“මේ මව මා වෙත පැමිණියේ දරු ගැබට වයස සති 9ක් 10ක් පමණ වන විටයි. ශ්‍රී ලංකාවේ මීට පෙර සය නිවුන් දරු උපතක් සිදුවී තිබුණේ හෝ මට එවැනි අත්දැකීමක් තිබුණේ නැහැ. මා මීට පෙර සිවු නිවුන් දරු උපතක් සිදුකර තිබුණා. ඒත් මීට වසර හතරකට පමණ පෙරයි. මේ මව මා හමුවට පැමිණි අවස්ථාවේ මා මුලින්ම කළේ ස්කෑන් පරීක්‍ෂාවක් මගින් ඇගේ කුසේ දරුවන් සිටින ආකාරය පරීක්‍ෂා කිරීමයි. දරුවන් තුනට වැඩි පිළිසිඳ ගැනීමකදී යම් අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවන්නේ සති 38කින්. දරුවන් දෙදෙනකු නම් සති 36ත් 37ත් අතරත්, තිදෙනෙක් නම් සති 35දීත් ප්‍රසූතිය සිදුකළ යුතුයි. නමුත් සය නිවුන් දරුවන් බිහිකළ යුතු සති ගණනක් කොහේවත් සටහන්ව තිබුණේ නැහැ. ඒ නිසා සියල්ල අපේ දැනුම හා මෙතෙක් ලද අත්දැකීම් මවගේ හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය සළකා ප්‍රසූතිය සිදුකළ යුතු කාලය තීරණය කරන්න අපට සිදුවුණා. මේ මවට සති 27 ඉක්මවන විට අධි රුධිර පීඩනය ඇතිවුණා. කායික රෝග විශේෂඥ ප්‍රියංකර ජයවර්ධන මහතා වෙත ඇය යොමු කර එම තත්වයට ප්‍රතිකාර ලබාදෙමින් ඇගේ ගර්භනී කාලය හැකිතාක් ඉදිරියට ගැනීමට මා උත්සාහ කළා. අවසන් කාලයේදී දරුවන් දෙදෙනකු වෙත රුධිර සැපයුම අඩු වූ නිසා සති දෙකක් දිනපතා ස්කෑන් පරීක්‍ෂණ සිදුකළා. අවසානයේ සති 31 දී මෙම දරු ප්‍රසූතිය සිදුකරන්න අපිට සිදුවුණා.

මෙරට පළමු සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31