IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ දමයි

ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, ඛනිජ තෙල් සංස්ථාව මිල ඉහළ දැමූ අගයන්ගෙන්ම මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිලේ පමණක් මිල සංශෝධනයක් සිදුකර නොමැති වීම විශේෂත්වයක්.

සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් ලීටරයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් 600ක මිලකටයි.

මේ අතර ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරා.

මෙහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමු අතර, එහි නව මිල රුපියල් 434ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම රුපියල් 470ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර, ඒ අනුව එම වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 495ක්.

ඊයේ සිදුකළ මිල සංශෝධනය දී සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් ඉහළ දැමූ අතර, සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 407ක්.

රුපියල් 458ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගැනුණු අතර, එහි නව මිල රුපියල් 478ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ දැමූ අතර, භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 285ක්.

භූමිතෙල් ලීටරයක් පැවතියේ රුපියල් 265ක මිලකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42